සටහනක්

පොඩි යෝජනාවක් - ප්‍රාදේශීය ව්‍යවහාර එකතුවක්

අපි සිංහල කතාකරනව තමයි. ඒත් මේ සිංහල භාෂාව වර්ග හැතැප්ම විසිපන්දාහක් පමණ වූ මේ කුඩා දිවයිනේදී ප්‍රාදේශීය වශයෙන් කොතරම් වෙනස් වෙනවාදැයි හිතල බැලූ විට, ලෝකයේ මේ තරම් භාෂාවන් ගණනක් තිබීම කිසිසේත්ම පුදුම වීමට කාරණාවක් නෙවෙයි.
මේ සම්බන්ධයෙන් පොත් පත් සහ වෙබ් අඩවි ගණනාවක්ම තියෙනවා. ඒවා සංස්කරණය කරල තියෙන්නෙ බොහොම මහන්සියෙන් තොරතුරු එකතු කරල වෙන්න ඕනෑ. ඒත් ඒ කිසිම පොතක අදාළ හැම වචනයක්ම තියෙනවාය කියල සහතික වශයෙන්ම කියන්න පුළුවන්කමක් නෑ. ඉතින් ඒ විවිධ පොත් සහ වෙබ් අඩවි හෝ බ්ලොග් පෝස්ට්ස් තිබුනත්, මට පොඩි අදහසක් ආවා මෙන්න මෙහෙම.
මේ ගැන එක බ්ලොග් එකක් ඇරලා, කමෙන්ට් කරන්නට ඉඩ තියමු.
එතකොට කවුරු කවුරුන් හෝ තමන් දන්න දේ ලියල කමෙන්ට් කරයි. අවසානයේදී කාටත් ප්‍රයෝජනවත් හොඳ එකතුවක් හදාගන්න හැකි වේවි

2012/02/24

ක්‍රියා පද

ඔබේ යෝජනා (යෝජනා කරනු සංශෝධන හෝ වෙනත් යෝජනා) කරුණාකර කමෙන්ට් මාර්ගයෙන් දන්වන්න. කමෙන්ට් මොඩරේට් කරනු නොලබන බැවින් කරුණාකර ස්වයං වාරණයක් සහිතව, කාටත් කියවීමට හැකි වන පරිදි කමෙන්ට් කරන්න.
මෙතැනින් පළමුවැනි ලිපිය කියවන්න.

මේ දෙවැනි ලිපියයි.
 
ක්‍රියා පද කීපයක්
 
පොල් ලෙලි ගහනවා (පොදු)
පොල් ඔයනවා - (දකුණ)

උපකාරක ක්‍රියාවක් වශයෙන් හා ක්‍රියාවක් වශයෙන් යෙදෙන වචනයක්
සිටියි / සිටියේය (පොදු)
ඉන්නවා / හිටියා (බස්නාහිර / තුන් කෝරළය)
ඉන්නවා / උන්නා (කන්ද උඩරට?)
ඉඳිනවා / ඉඳියා (ගාල්ල?)


ඉදල හෝ කොස්ස භාවිතා කිරීමෙන් කරන පිරිසිදු කිරීමේ කාර්යය
අමදියි / ඇමදුවේය
අතුගානවා /අතුගෑවා (බොහෝ පළාත්)
පිහිදානව / පිහිදැම්මා (අම්බලන්ගොඩ
?)

ආහාර පිළියෙල කිරීම
පිසියි / පිසුවේය (පොදු)
උයනවා / ඉව්වා (බොහෝ පළාත්)
වියනවා / වීයා (පාදුක්ක?)
පිහනවා / පිහුවා

6 comments:

  1. භාෂා උච්ඡාරණයේ වෙනසක් මා දැක ඇති මුත් නිවැරැදිව අදාල පළාත් පිළිබඳව වැඩි වැටහීමක් තිබුනේ නැහැ. මේ ආකාරයෙන් පමණක් නොව ඔවුන්ගේ උච්ඡාරණය රටාවෙනුත් පළාත පිළිබඳව දල අවබෝධයක් ගත හැකි නේද?
    මගෙත් මතකයේ පරිදි තවත් වචන කිහිපයක් කියන්නම්.
    මොකැ/මොකද,
    කීවා!/කීවා,
    මාමා/මාමන්ඩි,

    ReplyDelete
  2. Ants -
    Koombi - Western and some others
    Hinno - Southern

    ReplyDelete
  3. මම නම් කියන්නේ මේ ඔයා කරන වැඩේ කිසිම වැඩක් ඇති දෙයක් නොවෙයි කියලා.මොකද, ඔයා සහ ඔයාගේ පරමාදර්ශය වන මාතලන් ගොයියා කියන පරිදි ලංකාවේ ගමේ බයියන් සහ ගෝත්‍රිකයින් කරන කියන දෙය එතරම් වැදගත් නැහැ.මේ භාශාව,සිරිත් විරිත්, රටට ආදරය කිරීම, බුද්ධාගම වගේ දේවල් හරිම පසු ගාමීයි. පොශ් නැහැ.මේක හරියටම තේරෙන්න ඔයාත් කොහොම හරි හෑට ගාලා පිටරට රස්සාවක් හොයා ගන්න .රට යන බහුතරය රටට ආදරෙයි.ඒත් ඔයාලා වාගෙ ගොඩක් වෙන්ඩ පොශ් අය රට ගියාම,මුල අමතක වෙලා සුද්දටත් වැඩියෙන් මල්ටි කල්චරල් වෙන්න ගන්නවා. ඊලඟට මුස්ලිම් දෙමල අය රට කඩා ගත්තම මොකෝ,උන් ජාතිවාදී වුනාම මොකෝ,අපි ජාතිය ගැන කතා කරන්නෙ මොකෝ,ආදී වශයෙන් පොශ් දේවල් හිතෙන්න ගන්නවා.
    යුද්දෙ කරපු එකත් වැරදි වෙනවා.සිංහල භාශාව අපි බලා ගන්නම්.මොකද අපි පසු ගාමී,ජාතිවාදී ,ලේ මාපිල්ලු නිසා.ඔයා ගිහින් සිංහල බෞද්ධයාට බැනලා තව ඩොලර් ටිකක් හොයා ගන්න විදියක් බලා ගන්න.එනවා මෙතන ප්‍රාදේශීය ව්‍යවහාරෙ හොයන්න.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකට අදාළ නැත.
      ලංකාවෙ මිනිසුන්ගෙන් ගෝත්‍රික ගති ලක්ෂණම ප්‍රකට කරන ඇතැම් අය ගෝත්‍රික බවින් මුදවාගන්නට අවශ්‍යය.
      සිංහල බෞද්ධයෝ කියා කොට්ඨාසයක් නැත
      ඉන්නේ බෞද්ධ සිංහලයන්ය.
      තමන් සිංහල බෞද්ධයන් කියා ගන්නා පුද්ගලයන් වූකලී අතිශය වංචනික ආත්මාර්ථකාමී කුහකයන් ය. ඔවුහු සිංහල ජාතිය ලෝකය ඉදිරියේ අවමානයට ලක් කරති.
      තමන් උසස් බව තමන්ම කියා ගැනීම පලක් නැති දෙයකි. තමන් උසස් බව අනුන් කියන්නේනම් එවිට තමන්ට සමාජයේ තැනක් ඇති බව සැළකිය හැකිය. ජාතිය සම්බන්ධයෙන් ද එසේය.

      Delete
  4. හෙනහුරා අරඹා තියෙන්නෙ ඉතාම වැදගත් වැඩක්. ඇනොනිමස්ට වෙන මොකක් හරි නිසා තද වෙලා හිටපු වෙලාවක තමයි ලියන්න ඇත්තෙ.

    ReplyDelete
  5. හෙනහුරා අරඹා තියෙන්නෙ ඉතාම වැදගත් වැඩක්. ඇනොනිමස්ට වෙන මොකක් හරි නිසා තද වෙලා හිටපු වෙලාවක තමයි ලියන්න ඇත්තෙ.

    ReplyDelete

කරුණාකරලා මේ ජාතික කර්තව්‍යයට උරදෙමින් ඔබ දන්නා ප්‍රාදේශීය ව්‍යවහාරයන් (සහ වෙනත් සංස්කෘතිකමය විශේෂතා වුවත් හොඳයි.) ලියා එවන්න.