සටහනක්

පොඩි යෝජනාවක් - ප්‍රාදේශීය ව්‍යවහාර එකතුවක්

අපි සිංහල කතාකරනව තමයි. ඒත් මේ සිංහල භාෂාව වර්ග හැතැප්ම විසිපන්දාහක් පමණ වූ මේ කුඩා දිවයිනේදී ප්‍රාදේශීය වශයෙන් කොතරම් වෙනස් වෙනවාදැයි හිතල බැලූ විට, ලෝකයේ මේ තරම් භාෂාවන් ගණනක් තිබීම කිසිසේත්ම පුදුම වීමට කාරණාවක් නෙවෙයි.
මේ සම්බන්ධයෙන් පොත් පත් සහ වෙබ් අඩවි ගණනාවක්ම තියෙනවා. ඒවා සංස්කරණය කරල තියෙන්නෙ බොහොම මහන්සියෙන් තොරතුරු එකතු කරල වෙන්න ඕනෑ. ඒත් ඒ කිසිම පොතක අදාළ හැම වචනයක්ම තියෙනවාය කියල සහතික වශයෙන්ම කියන්න පුළුවන්කමක් නෑ. ඉතින් ඒ විවිධ පොත් සහ වෙබ් අඩවි හෝ බ්ලොග් පෝස්ට්ස් තිබුනත්, මට පොඩි අදහසක් ආවා මෙන්න මෙහෙම.
මේ ගැන එක බ්ලොග් එකක් ඇරලා, කමෙන්ට් කරන්නට ඉඩ තියමු.
එතකොට කවුරු කවුරුන් හෝ තමන් දන්න දේ ලියල කමෙන්ට් කරයි. අවසානයේදී කාටත් ප්‍රයෝජනවත් හොඳ එකතුවක් හදාගන්න හැකි වේවි

2012/02/24

ක්‍රියා පද

ඔබේ යෝජනා (යෝජනා කරනු සංශෝධන හෝ වෙනත් යෝජනා) කරුණාකර කමෙන්ට් මාර්ගයෙන් දන්වන්න. කමෙන්ට් මොඩරේට් කරනු නොලබන බැවින් කරුණාකර ස්වයං වාරණයක් සහිතව, කාටත් කියවීමට හැකි වන පරිදි කමෙන්ට් කරන්න.
මෙතැනින් පළමුවැනි ලිපිය කියවන්න.

මේ දෙවැනි ලිපියයි.
 
ක්‍රියා පද කීපයක්
 
පොල් ලෙලි ගහනවා (පොදු)
පොල් ඔයනවා - (දකුණ)

උපකාරක ක්‍රියාවක් වශයෙන් හා ක්‍රියාවක් වශයෙන් යෙදෙන වචනයක්
සිටියි / සිටියේය (පොදු)
ඉන්නවා / හිටියා (බස්නාහිර / තුන් කෝරළය)
ඉන්නවා / උන්නා (කන්ද උඩරට?)
ඉඳිනවා / ඉඳියා (ගාල්ල?)


ඉදල හෝ කොස්ස භාවිතා කිරීමෙන් කරන පිරිසිදු කිරීමේ කාර්යය
අමදියි / ඇමදුවේය
අතුගානවා /අතුගෑවා (බොහෝ පළාත්)
පිහිදානව / පිහිදැම්මා (අම්බලන්ගොඩ
?)

ආහාර පිළියෙල කිරීම
පිසියි / පිසුවේය (පොදු)
උයනවා / ඉව්වා (බොහෝ පළාත්)
වියනවා / වීයා (පාදුක්ක?)
පිහනවා / පිහුවා

2012/02/20

පොඩි යෝජනාවක් - ප්‍රාදේශීය ව්‍යවහාර එකතුවක්

අපි සිංහල කතාකරනව තමයි. ඒත් මේ සිංහල භාෂාව වර්ග හැතැප්ම විසිපන්දාහක් පමණ වූ මේ කුඩා දිවයිනේදී ප්‍රාදේශීය වශයෙන් කොතරම් වෙනස් වෙනවාදැයි හිතල බැලූ විට, ලෝකයේ මේ තරම් භාෂාවන් ගණනක් තිබීම කිසිසේත්ම පුදුම වීමට කාරණාවක් නෙවෙයි.
මේ සම්බන්ධයෙන් පොත් පත් සහ වෙබ් අඩවි ගණනාවක්ම තියෙනවා. ඒවා සංස්කරණය කරල තියෙන්නෙ බොහොම මහන්සියෙන් තොරතුරු එකතු කරල වෙන්න ඕනෑ. ඒත් ඒ කිසිම පොතක අදාළ හැම වචනයක්ම තියෙනවාය කියල සහතික වශයෙන්ම කියන්න පුළුවන්කමක් නෑ. ඉතින් ඒ විවිධ පොත් සහ වෙබ් අඩවි හෝ බ්ලොග් පෝස්ට්ස් තිබුනත්, මට පොඩි අදහසක් ආවා මෙන්න මෙහෙම.
මේ ගැන එක බ්ලොග් එකක් ඇරලා, කමෙන්ට් කරන්නට ඉඩ තියමු.
එතකොට කවුරු කවුරුන් හෝ තමන් දන්න දේ ලියල කමෙන්ට් කරයි. අවසානයේදී කාටත් ප්‍රයෝජනවත් හොඳ එකතුවක් හදාගන්න හැකි වේවි.
හරි - එහෙනම් වැඩේ පටන් ගනිමු. හැබැයි මේ වැඩේ වගකීමක් ඇතුව කරන්න ඕනෑ.
දැනට මේ කමෙන්ට් මොඩරේට් කරන්නෙ නෑ. ඒ නිසා, නුසුදුනු දේ දාන්න එපා.
තමන් හොඳින්ම දන්න දේ, තමන්ට හරියටම හරි කියල වැටහෙන දේ විතරක් එවන්න. “ලු”යන්න එපා.
කරුණාකරල අදාළ නැති කාරණානම් දමන්නම එපා හරිය!
මහගෙදර මහවෙදනා නමින් ලියන බ්ලොග් සහෘදයාගේ අත්දැකීම් ගොඩක් වගේම ඒ ගැන දාපු කමෙන්ට්ස් ගොඩක් මෙතන තියෙනවා.
මේන්න මේ බ්ලොග් පෝස්ට් එකේ සෑහෙන වචන ගණනක් තිබුනා. ඒත් කවුරුවත් කමෙන්ට් කරල තිබුනෙ නැහැ.
සිළුමිණ පත්තරේ පළවුනු මේ ලිපියත් හරිම බරසාරයි.
වැඩි දෙනකු අතින් ලියැවිලා තියෙන්නෙ “මාතර බසේ අපූරුව”යි. මේකට හේතුව මං හිතන්නෙ අනිත් ප්‍රාදේශීය වෙනස්කම් වලට වඩා මාතර භාෂාව තුළ කැපී පෙනෙන වෙනසක් තියෙන එක.
ඇහැක් විදියට කනක් අඳින්න

ප්‍රාදේශීය ව්‍යවහාර
ආකෘතිය
ලිඛිත භාෂාවේ ක්‍රියාපද රූප (වර්තමාන / අතීත / අනාගත) / ප්‍රාදේශීය ක්‍රියාපද රූප (වර්තමාන / අතීත / අනාගත) / ව්‍යවහාර වන පළාත / වෙනත් කරුණු
දෙවැනි කාණ්ඩය - නාමපද
ලිඛිත භාෂාවේ නාමපදය / ප්‍රාදේශීය නාමපදය / ව්‍යාවහාර වන පළාත / වෙනත් කරුණු
තුන්වැනි කාණ්ඩය - විශේෂ යෙදුම්