සටහනක්

පොඩි යෝජනාවක් - ප්‍රාදේශීය ව්‍යවහාර එකතුවක්

අපි සිංහල කතාකරනව තමයි. ඒත් මේ සිංහල භාෂාව වර්ග හැතැප්ම විසිපන්දාහක් පමණ වූ මේ කුඩා දිවයිනේදී ප්‍රාදේශීය වශයෙන් කොතරම් වෙනස් වෙනවාදැයි හිතල බැලූ විට, ලෝකයේ මේ තරම් භාෂාවන් ගණනක් තිබීම කිසිසේත්ම පුදුම වීමට කාරණාවක් නෙවෙයි.
මේ සම්බන්ධයෙන් පොත් පත් සහ වෙබ් අඩවි ගණනාවක්ම තියෙනවා. ඒවා සංස්කරණය කරල තියෙන්නෙ බොහොම මහන්සියෙන් තොරතුරු එකතු කරල වෙන්න ඕනෑ. ඒත් ඒ කිසිම පොතක අදාළ හැම වචනයක්ම තියෙනවාය කියල සහතික වශයෙන්ම කියන්න පුළුවන්කමක් නෑ. ඉතින් ඒ විවිධ පොත් සහ වෙබ් අඩවි හෝ බ්ලොග් පෝස්ට්ස් තිබුනත්, මට පොඩි අදහසක් ආවා මෙන්න මෙහෙම.
මේ ගැන එක බ්ලොග් එකක් ඇරලා, කමෙන්ට් කරන්නට ඉඩ තියමු.
එතකොට කවුරු කවුරුන් හෝ තමන් දන්න දේ ලියල කමෙන්ට් කරයි. අවසානයේදී කාටත් ප්‍රයෝජනවත් හොඳ එකතුවක් හදාගන්න හැකි වේවි

2012/02/20

පොඩි යෝජනාවක් - ප්‍රාදේශීය ව්‍යවහාර එකතුවක්

අපි සිංහල කතාකරනව තමයි. ඒත් මේ සිංහල භාෂාව වර්ග හැතැප්ම විසිපන්දාහක් පමණ වූ මේ කුඩා දිවයිනේදී ප්‍රාදේශීය වශයෙන් කොතරම් වෙනස් වෙනවාදැයි හිතල බැලූ විට, ලෝකයේ මේ තරම් භාෂාවන් ගණනක් තිබීම කිසිසේත්ම පුදුම වීමට කාරණාවක් නෙවෙයි.
මේ සම්බන්ධයෙන් පොත් පත් සහ වෙබ් අඩවි ගණනාවක්ම තියෙනවා. ඒවා සංස්කරණය කරල තියෙන්නෙ බොහොම මහන්සියෙන් තොරතුරු එකතු කරල වෙන්න ඕනෑ. ඒත් ඒ කිසිම පොතක අදාළ හැම වචනයක්ම තියෙනවාය කියල සහතික වශයෙන්ම කියන්න පුළුවන්කමක් නෑ. ඉතින් ඒ විවිධ පොත් සහ වෙබ් අඩවි හෝ බ්ලොග් පෝස්ට්ස් තිබුනත්, මට පොඩි අදහසක් ආවා මෙන්න මෙහෙම.
මේ ගැන එක බ්ලොග් එකක් ඇරලා, කමෙන්ට් කරන්නට ඉඩ තියමු.
එතකොට කවුරු කවුරුන් හෝ තමන් දන්න දේ ලියල කමෙන්ට් කරයි. අවසානයේදී කාටත් ප්‍රයෝජනවත් හොඳ එකතුවක් හදාගන්න හැකි වේවි.
හරි - එහෙනම් වැඩේ පටන් ගනිමු. හැබැයි මේ වැඩේ වගකීමක් ඇතුව කරන්න ඕනෑ.
දැනට මේ කමෙන්ට් මොඩරේට් කරන්නෙ නෑ. ඒ නිසා, නුසුදුනු දේ දාන්න එපා.
තමන් හොඳින්ම දන්න දේ, තමන්ට හරියටම හරි කියල වැටහෙන දේ විතරක් එවන්න. “ලු”යන්න එපා.
කරුණාකරල අදාළ නැති කාරණානම් දමන්නම එපා හරිය!
මහගෙදර මහවෙදනා නමින් ලියන බ්ලොග් සහෘදයාගේ අත්දැකීම් ගොඩක් වගේම ඒ ගැන දාපු කමෙන්ට්ස් ගොඩක් මෙතන තියෙනවා.
මේන්න මේ බ්ලොග් පෝස්ට් එකේ සෑහෙන වචන ගණනක් තිබුනා. ඒත් කවුරුවත් කමෙන්ට් කරල තිබුනෙ නැහැ.
සිළුමිණ පත්තරේ පළවුනු මේ ලිපියත් හරිම බරසාරයි.
වැඩි දෙනකු අතින් ලියැවිලා තියෙන්නෙ “මාතර බසේ අපූරුව”යි. මේකට හේතුව මං හිතන්නෙ අනිත් ප්‍රාදේශීය වෙනස්කම් වලට වඩා මාතර භාෂාව තුළ කැපී පෙනෙන වෙනසක් තියෙන එක.
ඇහැක් විදියට කනක් අඳින්න

ප්‍රාදේශීය ව්‍යවහාර
ආකෘතිය
ලිඛිත භාෂාවේ ක්‍රියාපද රූප (වර්තමාන / අතීත / අනාගත) / ප්‍රාදේශීය ක්‍රියාපද රූප (වර්තමාන / අතීත / අනාගත) / ව්‍යවහාර වන පළාත / වෙනත් කරුණු
දෙවැනි කාණ්ඩය - නාමපද
ලිඛිත භාෂාවේ නාමපදය / ප්‍රාදේශීය නාමපදය / ව්‍යාවහාර වන පළාත / වෙනත් කරුණු
තුන්වැනි කාණ්ඩය - විශේෂ යෙදුම්

එහෙන් මෙහෙන් අහුලගත්තු කෑලි ටිකක් මේ.
ඔහේ මක්කැයි මේ දොඩන්නේ.
මේ කොදෙව්වේ මාතර හෝටලයක් නැති ටවුමක් ඇතෙයි.
අපේ මුත්තත් සාලුව කරේ දාපූ ඔයි අහ වාහේ කෙනෙක් වග ඔහේ දන්නවයි
ඔයැයිතුත් ආස වගේ මාතරට.
ඔහේ දන්නවැයි.................
බදුල්ලෙ අය අහන්නෙ කෑවා... බීවා... කියල ඈදලා කතා කරන්නෙ.
නුවර පැත්තෙ අය කන්ට බොන්ට
රජරට පැත්තෙ මිනිස්සු කන්ඩ බොන්ඩ
සමහරු කන්න බොන්න යන්නෙ.
මාතර අය කන්නෙයි බොන්නෙයි කියනව.
මාතරදී ලෙලි ගහනවා හරි ලෙයිය ගහනවා හරි කියන්නේ කුනු හරුපයකි...එය පොත්ත අරිනවා හෝ පොතු ගහනවා ලෙස කිව්වොත් ගුටි නොකා බේරෙන්නට හැකිය
අඩමානෙට තියෙන්නේ - හෙලෙත්තහදුවට
තෙතයි -හේතයි
පොහොට්ටු - ගුප්පි
කුහුබුවා - කොඩයා
හුන්ඩු 2ක් - මනාවක්
ජම්බෝල-මහනාරන්
බොකුටු - සුලුපුටු
මැ කරල්- ලීම
යටිබඩ කියන්නේ නරක වචනයක් මාතරදි. යටිබඩට කියන්නේ පාත බඩ කියල .
පොල් ඔයනවා, පි‍ගන් නවනවා.
කොළඹ- මොකක්ද බං ?
මාතර/ගාල්ල- මක්කයි බං ?
කුරුණෑගල - මොකෑ බං ?
කොළඹ/ගාල්ලෙදි "බල්ලෙකු එලවාගෙන ඒම" හම්බන්තොට/මොණරාගලදී "බල්ලෙකු අඹාගෙන ඒම" වෙයි
 " ලෑල්ල " බදුල්ලේ අයට " ලැල්ල " වෙයි ( "ඈ" නැත )
තව රත්ගම/දඩල්ලේ භාෂාව ලියන්නට තේරෙන්නේ නැත (දන්නෝ මතක් කර ගනිත්වා :) )
"බස් නවත්වන තැන" කුරුණෑගලදී "බස් හිටෝන තැන " වෙයි
මළ ගෙදරක අවසන් කටයුතු කිරීම ගාල්ල/මාතරදී "වැඩ කරන දවස" වෙන අතර කුරුණෑගලදී "මිනිය ගන්න දවස" වෙයි
"හැමතිස්සේම" යන්න ඇල්පිටිය, අම්බලංගොඩදී "හැමනිතරම" වෙයි
අම්මගේ නංගිට අපි "පුංචි අම්මා " කියන අතර අම්බලන්ගොඩ පැත්තේදී " මම්මා " වෙයි
බත් පිහනවා - බත් උයනවා
පොල් ඔයනවා - පොල් ලෙලි ගහනවා
හිච්චි - පොඩි
හින්නිකිතර - පොඩි
ජුල් - දිවුල්
කොහොමෙය් - කොහොමද
හින්න - කුබි
කඩියා - කුබි
ඇබලය - කුබි
දිමියා - කුබි
 
මේන්න මේ බ්ලොග් පෝස්ට් එකේ සෑහෙන වචන ගණනක් තිබුනා. ඒත් කවුරුවත් කමෙන්ට් කරල තිබුනෙ නැහැ.
සිළුමිණ පත්තරේ පළවුනු මේ ලිපියත් හරිම බරසාරයි.
වැඩි දෙනකු අතින් ලියැවිලා තියෙන්නෙ “මාතර බසේ අපූරුව”යි. මේකට හේතුව මං හිතන්නෙ අනිත් ප්‍රාදේශීය වෙනස්කම් වලට වඩා මාතර භාෂාව තුළ කැපී පෙනෙන වෙනසක් තියෙන එක.
.Ruwan Sampath Wickramathilaka. මේ වචන එකතු කළා. ස්තුතියි.
1.ගාල්ලෙදි "අනේ අපොයි..........." , නුවරගම් පලාතෙදි "ඉදො ........"
2.ගාල්ලෙදි "කලවම් කරනවා" ,        නුවරගම් පලාතෙදි "මොකදො කරනවා"
3.ගාල්ලෙදි "හතිලව්වේ..........." නුවරගම් පලාතෙදි "ඉදො....... මකතේ........"
4.ගාල්ලෙදි "ඉතින් කොමද" ,නුවරගම් පලාතෙදි "මොකදැ"

තවත් දෙයක්, මේ වචන විතරක් නෙවෙයි, කථා බහ, උච්චාරණය කරන හැටි, එක එක පළාත්වල එක එක විදිහටයි. හැබැයි ඉතින් ඒ වගේ දේවල්නං ලිඛිතව පෙන්නුම් කරන්න බැහැ.


ක්‍රියා පද

පොල් ලෙලි ගහනවා (පොදු)
පොල් ඔයනවා - (දකුණ)
උපකාරක ක්‍රියාවක් වශයෙන් හා ක්‍රියාවක් වශයෙන් යෙදෙන වචනයක්
සිටියි / සිටියේය (පොදු) ඉන්නවා / හිටියා (බස්නාහිර / තුන් කෝරළය)
ඉන්නවා / උන්නා (කන්ද උඩරට?)
ඉඳිනවා / ඉඳියා (ගාල්ල?)

ඉදල හෝ කොස්ස භාවිතා කිරීමෙන් කරන පිරිසිදු කිරීමේ කාර්යය
අමදියි / ඇමදුවේය
අතුගානවා /අතුගෑවා (බොහෝ පළාත්)
පිහිදානව / පිහිදැම්මා (අම්බලන්ගොඩ
?)

ආහාර පිළියෙල කිරීම
පිසියි / පිසුවේය (පොදු)
උයනවා / ඉව්වා (බොහෝ පළාත්)
වියනවා / වීයා (පාදුක්ක?)
පිහනවා / පිහුවා

11 comments:

  1. හප්පට සිරි මම දාපු කොමෙන්‍ටුවකුත් තියෙනවා..ඇත්තටම ලෙලි ගහනවා කියලා මාතරදී නෝන්ඩිවෙලා තමයි පොත්ත ගහනවා පොතු අරිනවා කියන එක ඉගෙන ගත්තේ...

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්න එපා ගොඩක් කෑලි ගත්තෙ මහවෙදනගේ පෝස්ට් එකෙන් කියල මං කිව්වෙ මුලින්ම ඒකනෙ. ස්තුතියි කමෙන්ට් එකට. මගේ බලාපොරොත්තුව සති දෙක තුනක් කමෙන්ට් කරන්න ඇරල, වචන ටික එකතු කරන්න.
      මං මේකට වෙනම බ්ලොග් එකක් හදාගත්තෙ ඒකයි. මේ බ්ලොග් එකේ (එකම) පරමාර්ථය පුළුවන්තරම් මේ වගේ එක එක පළාත් වල කතා කරන කෑලි අහුලගන්න එක.

      Delete
  2. හොඳ උත්සාහයක් සහෝ !!! ජය !!!

    ReplyDelete
  3. ඔන්න එහ්නම්ම් මමට්ට් පොඩි වචන කිමපයක් දැම්ම....
    1.ගාල්ලෙදි "අනේ අපොයි..........." , නුවරගම් පලාතෙදි "ඉදො ........"
    2.ගාල්ලෙදි "කලවම් කරනවා" ,නුවරගම් පලාතෙදි "මොකදො කරනවා"
    3.ගාල්ලෙදි "හතිලව්වේ..........." නුවරගම් පලාතෙදි "ඉදො....... මකතේ........"
    4.ගාල්ලෙදි "ඉතින් කොමද" ,නුවරගම් පලාතෙදි "මොකදැ"

    තව දන්න කියන එව පස්සෙ දාන්නම්..............
    ඔබගේ උත්සාහයට මගෙන් සුබපැතෞම්............
    ඔබට ජයෙන්යය..................................!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි. මම ඒ ටික එකතු කරන්නම්.

      Delete
  4. Oya Bistharai Pappadam Tikakui Kanawai?

    ReplyDelete
    Replies
    1. ඇහැක්නම් දෙන්න, මං කන්නං.

      Delete
  5. කොඩයා නොව කෝඬයා. කියන්නේ කළු කුහුබුවන්ට.

    හින්න
    කඩියා
    ඇබලය
    දිමියා

    නම් තියෙන්නේ වෙනස් කුහුබු විශේෂ වලට

    ReplyDelete
  6. ඇහැක් නම් කන්න. බැරිනම් වහ දාන්න.
    (කන්න පුළුවන් නම් කන්න. බැරිනම් වහන්න)

    ReplyDelete
  7. http://tharika9413.blogspot.com/2016/01/blog-post_4.html

    ගිහින් බලන්න මේ ලින්ක් එකටත්

    ReplyDelete
  8. http://tharika9413.blogspot.com/2016/01/blog-post_4.html

    ReplyDelete

කරුණාකරලා මේ ජාතික කර්තව්‍යයට උරදෙමින් ඔබ දන්නා ප්‍රාදේශීය ව්‍යවහාරයන් (සහ වෙනත් සංස්කෘතිකමය විශේෂතා වුවත් හොඳයි.) ලියා එවන්න.