ඔබේ යෝජනා (යෝජනා කරනු සංශෝධන හෝ වෙනත් යෝජනා) කරුණාකර කමෙන්ට් මාර්ගයෙන් දන්වන්න. කමෙන්ට් මොඩරේට් කරනු නොලබන බැවින් කරුණාකර ස්වයං වාරණයක් සහිතව, කාටත් කියවීමට හැකි වන පරිදි කමෙන්ට් කරන්න.
මෙතැනින් පළමුවැනි ලිපිය කියවන්න.මේ දෙවැනි ලිපියයි.
ක්‍රියා පද කීපයක්
පොල් ලෙලි ගහනවා (පොදු)
පොල් ඔයනවා - (දකුණ)
උපකාරක ක්‍රියාවක් වශයෙන් හා ක්‍රියාවක් වශයෙන් යෙදෙන වචනයක්
සිටියි / සිටියේය (පොදු)
ඉන්නවා / හිටියා (බස්නාහිර / තුන් කෝරළය)
ඉන්නවා / හිටියා (බස්නාහිර / තුන් කෝරළය)
ඉන්නවා / උන්නා (කන්ද උඩරට?)
ඉඳිනවා / ඉඳියා (ගාල්ල?)
ඉදල හෝ කොස්ස භාවිතා කිරීමෙන් කරන පිරිසිදු කිරීමේ කාර්යය
අමදියි / ඇමදුවේය
අතුගානවා /අතුගෑවා (බොහෝ පළාත්)
පිහිදානව / පිහිදැම්මා (අම්බලන්ගොඩ?)
අතුගානවා /අතුගෑවා (බොහෝ පළාත්)
පිහිදානව / පිහිදැම්මා (අම්බලන්ගොඩ?)
ආහාර පිළියෙල කිරීම
පිසියි / පිසුවේය (පොදු)
උයනවා / ඉව්වා (බොහෝ පළාත්)
වියනවා / වීයා (පාදුක්ක?)
පිහනවා / පිහුවා